inner others news

ඩෙංගු රෝගය කුමක්ද ?

ඩෙංගු රෝගය යනු වෛරස් අසාදන රෝගී තත්වයක් වන අතර මෙම රෝගය බෝ කරන්නේ එකිනෙකට බෙහෙවින් සමාන වුත් එහෙත් එක් එක් වෛරසය රෝගය බෝ කල හැකි රෝග කාරකයන් වශයෙන් ක්‍රියා කරන්නාවුද  වෛරස කාණ්ඩ 4ක් මගිනි. (DEN 1, DEN 2, DEN 3, DEN 4 )  මෙම වෛරසය පුද්ගලයකුට රැගෙන යන්නේ ඊඩිස් වර්ගයට අයත් අසාදිත ගැහැණු මදුරුවකු විසිනි. ඩෙංගු රෝගයේ බීජෞෂණ කාලය (වෛරසය ශරීර ගතවූ දින සිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන දින තෙක් කාලය ) දින 3 සිට දින 14 දක්වා වේ.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ කවරේද ?

ඩෙංගු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ, තද හිසරදය, ඇස්වල පිටුපස වේදනාව, අස්ථි වල හා පේශිවල වේදනාව, හන්දි කැක්කුම, ඔක්කාරය, වමනය, ශරීරයේ පලු මතුවීම, සුළු ලේ ගැලීමේ තත්වයන්  (විදුරුමසින්, නාසයෙන්)

ඩෙංගු රක්තපාත උණ යනු සාමාන්‍ය ඩෙංගු රෝගයට වඩා තීව්ර රෝග තත්වයක් වන අතර  මෙහිදී දින 2-7 අතර කාලයක් උණ පැවතිය හැක. සාමාන්‍ය ඩෙංගු උණ රෝග තත්වයේදී ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව මෙම රෝගීන් තුල තද බඩේ කැක්කුම, නොකඩවා පවතින වමනය හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක. කුඩා රුධිර වාහිනී බිත්ති තුල සිදුවෙන යම් වෙනස්කම් හේතුවෙන් රුධිරයේ  තරලය කොටස රුධිරවාහිනී තුලින් උරස් හා උදර කුහරය තුලට කාන්දු වීමක් සිදු විය හැක. මෙම අවස්ථාව බොහෝවිට පැය 24 – 48 ත් අතර කාලයකට  සීමාවන අතර අවදානම් අවදිය වශයෙන් හඳුන්වයි. මෙලෙස රුධිරයේ තරලය රුධිර වාහිනී තුලින් පිටතට කාන්දු වීම නිසා රුධිර පරිමාවේ අඩුවීමක් හා රුධිරය ඝන වීමක් සිදුවන අතර මොලය, වකුගඩු, අක්මාව වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. මේ හේතුවෙන් රුධිර සංසරණය අඩපණ වී රෝගියා කම්පන තත්වයට පත්විය හැක. මෙම අවස්ථාවට පත්වීමට පෙර හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් රෝගියා මියයාමට පවා හැකියාව ඇත.    

ඩෙංගු රක්තපාත උණ කුමක්ද ?

ඩෙංගු රක්තපාත උණ යනු සාමාන්‍ය ඩෙංගු උණට වඩා තීව්‍ර රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගී තත්වයක් වන අතර මෙහි දී ප්‍රධාන වශයෙන් ප්ලාස්මා තරලය පිටතට කාන්දු වීමක් දක්නට ලැබේ. ප්‍රතිකාර නිසි වෙලාවට හා නිසි පරිදි නොලැබුන හොත් භයානක ප්‍රතිඵල ඇති විය හැක. ඩෙංගු රක්තපාත උණ බෝ කරන්නේද ඩෙංගු උණ බෝ කරන වෛරස වර්ග මගින්ම වේ

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ බෝවෙන්නේ කෙසේද?

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ පුද්ගලයකුට බෝවන්නේ වෛරසය අසාදිත ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවකු ඔහුගේ හෝ ඇයගේ රුධිරය උරා බොන අවස්ථාවේ ශරීරයතුලට ඇතුළු වන ඩෙංගු වෛරසය මාර්ගයෙනි. මදුරුවා අසාදිත මදුරුවකු බවට පත්වන්නේ ඩෙංගු රෝගියකු දෂ්ට කිරීමේදී රෝගියාගේ ශරීරය තුල ඇති වෛරස මදුරුවා තුලට ඇතුළු වීමෙනි. වෛරසය ශරීරගතවී සතියකින් පමණ මදුරුවා තවත් නිරෝගී පුද්ගලයකුට රෝගය බෝ කල හැකි වනසේ අසාදිත තත්වයට පත්වේ. ඩෙංගු රෝගය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවේ.

ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කවරේද ?

ඩෙංගු රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර නොමැති නමුත් රෝග තත්වයන් කලින් හඳුනාගෙන සේලයින් වැනි අවශ්‍ය අන්තර් ශිරා  ද්‍රාවණ ලබා දීම හා රුධිර පරීක්ෂණ සිදු කිරීම ඇතුළු අවශ්‍ය සත්කාර කිරීම මගින් රෝගයේ සංකුලතා අවම කර ගත හැක. ඩෙංගු රෝගය බවට සැක කටයුතු අවස්ථාවක  උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ලබා දිය හැක. නමුත් අනෙකුත් වේදනා නාශක ඔෂධ කිසිම අයුරකින් නොගත යුතු අතර කිසිම ඇඟ වෙහෙස කරන ක්‍රියා වලින් හා ව්‍යායාම කිරීමෙන් වැළකි අවශ්‍ය පමණට විවේක ගත යුතුය.

අවශ්‍ය පමණට දියර වර්ග පානය කලයුතු අතර උණ දින දෙකකට වඩා පවතින අවස්ථාවන් වල සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය. එක දිගට පවතින වමනය, තද බඩේ කැක්කුම, කැරකිලි ස්වභාවය   හුස්ම ගැනීමේ අපහසුතා හෝ වෙනත් අසාධ්‍ය රෝග ලක්ෂණ පවතීනම් වහාම රෝහල්ගත වීම අවශ්‍යවේ.

What are the registered mosquito repellents that are available?

Given below is a list of chemicals that are registered under the Registrar of Pesticides that can be used as effective mosquito repellents.

 

Trade Name Active Ingredient and Strength Imported Company Registration Status

Category (RES/GEN/DOME)

 Mino 8  Ethylbutyl acetylaminopropionate 80g/L  George Steuart Health (Pvt) Ltd. Repellent  Domestic
 Soffell  N, N-diethyl-m-toluamide 13%  Rattan Merchant Repellent Domestic
 Soffell Spray  N,N-diethyl-m-toluamide 13%  Rattan Merchant Repellent Domestic
 Moso  Icaridin 20% (w/w)  EB Creasy Co. & Plc. Repellent Domestic

 

පැමිණිලි කිරීම සිදු කල හැක්කේ කෙසේද ?

මදුරුවන් බෝවියහැකි /බෝවන ස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමට ප්‍රථම එම ස්ථානයේ හිමිකරු හෝ වගකිවයුතු පුද්ගලයන් සමග සාකච්චා කර සමථයකට පත්කරගැනීම ඉතා වදගත් වේ . එහිදී සතුටුදායක ප්‍රථිඑල නොමැතිනම් ඔබගේ ප්‍රදේශය අයත්වන මහජන සෞ.පරීක්ෂක මහතා සහ සෞ. වෛ .නිලධාරීතුමා ඇතුළුව ප්‍රදේශයේ නගර සභාව /ප්‍රාදේශීය සභාවට දැනුම්දීම පළමුව සිදුකල යුතුය