intersect

අන්තර්පාර්ශවීය සම්බන්ධීකරණය සහ ප්‍රජා සහභාගිත්වය

ජනාධිපති කාර්ය සාධන බලකාය අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද අතර එහි අරමුණ වන්නේ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීමේදී ජාතික මට්ටමෙන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් සියළුම අදාල පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය ලබා ගැනීමයි. මෙහි පළමුවන රැස්වීම 2010 මැයි 25 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

සාමාජිකයන්

  • සෞඛ්‍ය අමාත්‍යාංශය
  • පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
  • අධ්‍යාපන අමාත්‍යාංශය
  • ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය
  • පරිසර අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
  • ජන මාධ්‍ය අමාත්‍යාංශය

අමාත්‍යාංශයවල වගකීම් සහ කාර්යභාරය

සෞඛ්‍ය අමාත්‍යාංශය

  • ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංශ ශක්තිමත් කිරීම මගින් මරණ අනුපාතිකය අවම කිරීම
  • ඩෙංගු රෝගය වසංගත තත්වයෙන් පැතිර යාම වැලැක්වීම
  • අදාල රජයේ සහ රජයේ නොවන ආයතන සමග සම්බන්ධිකරණයෙන් ඩෙංගු මර්දනය / වැලැක්වීම සඳහා කටයුතු කිරීම

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

  • සියළුම රජයේ සහ රජයේ නොවන ආයතන මදුරුවන් බෝනොවන අයුරින් පවත්වාගෙන යාම.
  • අමාත්‍යංශය යටතේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමේ සිටින ක්ෂේත්‍ර නිලධාරීන් ඩෙංගු මර්දන කටයුතු සඳහා සක්‍රියව යෙදවීම


අධ්‍යාපන අමාත්‍යාංශය

  • සියළුම රජයේ සහ පෞද්ගලික පාසල්, පිරිවෙන්, පුහුණු පාසල්, විද්‍යා පීඨ, මදුරුවන් බෝනොවන පරිදි පවත්වාගෙන යාම.
  • මදුරුවන් බෝනොවෙන පරිසරයක් පවත්වාගෙන යාම සඳහා පාසල් දරුවන් තුල චර්යාත්මක වෙනසක් ඇති කිරීම. 
  • අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලවල සම්බන්ධීකරණයෙන් පාසල සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවෙන පරිදි පවත්වා ගෙන යෑම.
  • පාසල් දරුවන් හරහා නිවෙස් වල මදුරුවන් බෝනොවන පරිදි නිවෙස් ආශ්‍රිත පරිසරය පවත්වා ගෙන යාමට ඔවුන්ට උපදෙස් ලබා දීම හා මෙහෙය වීම.


පරිසර අමාත්‍යාංශය

  • ඝන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරළීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම. 
  • ඩෙංගු මර්දනය සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම.


පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය

  • පහසුවෙන් දිරා නොයනද්‍රව්‍ය ඇතුළුව ඝන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරළීම. 
  • කානු පද්ධති පිළිසකර කිරීම, පිරිසිදු කිරීම සහ වතුර නොරැඳෙන පරිදි නඩත්තු කිරීම.
  • පොදු ස්ථාන මදුරුවන් බෝනොවෙන පරිදි නඩත්තු කිරීම.
  • ඩෙංගු මර්දනය සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම.
  • නීතිප්‍රතිපාදන ශක්තිමත් කිරීම.

ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශය

  • අමාත්‍යංශය යටතේ ඇති සියළුම ත්‍රිවිධ හමුදා මුලස්ථාන, පොලිස් ස්ථාන, නේවාසිකාගාර, බැරැක්ක සහ අනෙකුත් සියලු පරිශ්‍ර මදුරුවන් බෝනොවෙන පරිදි පවත්වා ගෙන යාම  
  • ඩෙංගු මදුරු මර්දන ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරී දායකත්වය ලබා දීම


ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ, ප්‍රතිකාර, ඩෙංගු රෝග මර්දනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික උපදෙස් මත දැන්වීම් හා වැඩ සටහන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් ඔස්සේ මුදල් අය කිරීමකින් තොරව ප්‍රචාරය කිරීම  

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

ඩෙංගු රෝගය වසංගත තත්වයෙන් පැතිර යන අවස්ථාවන් වලදී ආපදාවක් ලෙස සලකා එම වසංගත තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දීම 

මදුරු මර්දනය සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායේ ඉලක්ක

  • එලදායි ඒකාබද්ධ වාහක මර්දනයක් සඳහා ක්‍රියාකාරී සැලසුම් පිළියෙළ කිරීම
  • ඩෙංගු රෝගයේ වර්තමාන තත්වය, වාහක මර්දන ක්‍රම වල පවතින තත්වය,  පළාත් හාදිස්ත්‍රික් මට්ටමෙන් ඩෙංගු මර්දනය සඳහා සැලසුම් සැදීම, ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියා මාර්ගවල ප්‍රතිඵල පිලිබඳ අධීක්ෂණය හා ප්‍රගති සමාලෝචනය,  අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ හැකියාව වැඩි දියුණු කිරීම
  • ඩෙංගු මර්දන වැඩ සටහන් වලදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් අන්තර් පාර්ශවීය සහයෝගය ලබා ගැනීම සඳහා ජාතික මට්ටමෙන් අදාල අංශයන් සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම
  • ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් වලදී සිදුවිය හැකි ගැටළු සහ අඩුපාඩු සඳහා විසදුම් ලබා දීමේදී අවශ්‍ය  අවස්ථාවන්වලදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීම  
  • ඩෙංගු මර්දන වැඩ සටහන් සහ ව්‍යාපෘති ක්‍රියා යාවට නැංවීම සහ ක්‍රියාත්මක වනව්‍යාපෘති හා වැඩසටහන් වල තත්වය වරින් වර ඇගැයීමට ලක් කොට අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීම
  • ඩෙංගු රෝගය වසංගත තත්වයෙන් පැතිරෙන අවස්ථා වලදී ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි ආපදා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කිරීම සහ එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ලැබෙන අත් දැකීම් උපයෝගී කොට ගෙන එය තවදුරටත් වැඩි දියුණු කිරීම මගින් එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම
  • සෞඛ්‍යහා සෞඛ්‍ය නොවන අංශ සම්බන්ධීකරණයෙන් සාර්ථකව ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නැංවීම
  • අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණයෙන් යුක්ත පළාත් කමිටු, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමේ කමිටු පිහිටු වීම හා ඒ හරහා ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධීකරණය කිරීම  
  • ප්‍රජාවගේ දායකත්වයෙන් අඛණ්ඩව මදුරු මර්දන කටයුතු සිදු කිරීම සඳහා වැඩිඅවධානයක් ලබා දීම  

කාර්ය සාධන බලකායේ සංයුතිය ජාතික මට්ටම

අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණය

අමාත්‍යාංශ මණ්ඩල පත්‍රිකා අංක 13/0495/027 දරණ කැබිනට් පත්‍රිකාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාල අමාත්‍යාංශ වල ලේකම්/ අතිරේක ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් වසර 2013 දී පත් කරන ලදී. මෙම අනු කමිටුව පිහිටුවීමෙන් අපේක්ෂිත අරමුණ වන්නේ ඩෙංගු මර්දනය සඳහා සියලු පාර්ශවකරුවන් සක්‍රීයව දායකත්වය ලබා දීමත් මෙම ක්‍රීයාවන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම හා මාස තුනකට වරක් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් සැපයීම වේ.