socialmob

ඩෙංගු මර්දනය හා වැලැක්වීම අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ප්රජාව සක්රිය කිරීමේ ක්රියාවලියන් ශක්තිමත් කිරීම.

  • මදුරු මර්දන සති ප්‍රකාශයට පත් කිරීම, මාධ්‍ය රැස්වීම් පැවැත්වීම හා මදුරු මර්දන සතියට සමගාමිව සිදු කෙරෙන ක්‍රියා කාරකම් සඳහා පහසුකම් සැපයීම.
  • සෞඛ්‍ය අධ්‍යාපනය සඳහාඅවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම.
  • විද්‍යුත් හා මුද්‍රිතමාධ්‍ය හරහා මදුරුවන් බෝවෙන ස්ථාන හා ඒවා ඉවත් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.

සන්නිවේදනය මගින් චර්යාත්මක වෙනසක් ඇති කිරීම   

ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාකාරකම් කිරීමේදී ප්‍රධාන තැනක් ගන්නේ ඉක්මනින් ඩෙංගු රෝගීන් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමත් නිවෙස්, කාර්යාල, පාසල් සහ අනෙකුත් පරිශ්‍ර වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ඉවත් කිරීම හා මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටීමයි.

වඩාත් ඵලදායී වාහක මර්දනයක් සිදු කිරීමේ දී ප්‍රධාන ගැටළුවක් වන්නේ නිවැරදි පුරුදු ප්‍රජාව තුල ඇතිකිරීම හා පවත්වා ගෙන යාමයි. ඩෙංගු රෝගය හා මදුරුවා පිළිබඳව සැලකිය යුතු දැනුමක් ප්‍රජාව තුල තිබුනද ඔවුන් තුල මදුරු මර්දනය සඳහා අලුතෙන් චර්යාත්මක වෙනසක් ඇතිකිරීම අභියෝගයක් වී තිබේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දෙන ලද නව ක්‍රමවේදයක් වූ සන්නිවේදනය තුලින් චර්යාත්මක වෙනසක් ඇතිකිරීම මෙම අභියෝගය මග හරවා පුද්ගලයා තුල හා ප්‍රජාව තුල සැලකිය යුතු චර්යාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දායක වේ.

මෙමගින් පුද්ගලයන් තුල චර්යාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා යොදාගන්නා නොයෙකුත් සන්නිවේදන ක්‍රියාදාමයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, හා අධික්ෂණය කිරීමද සිදු කල හැක.  

සන්නිවේදනය තුලින් චර්යාත්මක වෙනසක් ඇතිකිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණ වන්නේ ඉලක්ක කණ්ඩායම හා ඔවුන් තුල සිදු කල යුතු චර්යාත්මක වෙනස හඳුනාගෙන  ඔවුන්ට ගැලපෙන පණිවිඩ යම් කිසි නිශ්චිත කාල පරිච්චේදයක් තුල නිතර නිතර ඇස ගැටීමට හා ශ්‍රවණය කිරීමට සැලැස්වීම.   (විශේෂිත, මැනිය හැකි, අදාල, කළහැකි හා කාලානුරුප අරමුණක් විය යුතුය)   

විශේෂිත: ඉලක්ක කණ්ඩායම හා ඉලක්ක කරන හැසිරීම කුමක්ද යන බව

මැනිය හැකි : හැසිරීමේ වෙනස මැනිය හැකි වීම ( කෙතරම් ප්‍රතිශතයකින් හැසිරීමේ වෙනසක් ඇති වුයේද යන බව)

අදාල භාවය: අවශ්‍යතාවයට අනුකුල විය යුතුය

කල හැකි : කළහැකි දෙයක් විය යුතුය

කාලානුරුප : විශේෂිත කාල පරිච්චේදයක් තුල සිදු කල හැකි විය යුතුය      

සන්නිවේදනය තුලින් චර්යාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා අර්ථවත් එම කාර්ය සදහාම සැකසු සන්නිවේදන ක්‍රියා කාරකම් ඉලක්ක කණ්ඩායම් වලින් අනුකුලතාවයක් ලබා ගැනීම සඳහා  යෙදවීම

ප්‍රාථමික අරමුණු ගොඩ නැගීමේදී එක් එක් කණ්ඩායම් සඳහා යෝජිත ක්‍රියාකාරකම් සඳහා නිර්දේශයන් සැලකිල්ලට ගත යුතුය

  • අරමුණ ඉෂ්ට කිරීමට කුමන කණ්ඩායමක චර්යාත්මක වෙනසක් බලාපොරොත්තු වන්නේද?
  • ඉලක්ක කණ්ඩායම කුමක්ද?
  • සිදු කලයුතු ක්‍රියාකාරකම් කවරේද යන බව හා කළහැකිද, ප්‍රතිඵල දායකද යන බව
  • දැනට එම ක්‍රියාවන් සිදු නොවීමට හේතුව හා ඒ සඳහා ඇති බාධක හා ශක්තිය
  • කුමන ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් චර්යාවේ වෙනසක් ඇති කිරීම සඳහා වැඩි වශයෙන් දායක විය හැකි ද
  • මෙම ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය / සේවා පහසුකම් හා අනෙකුත් යටි තල පහසුකම් තිබේද ? පහසුවෙන් ලබාගත හැකිද හා එසේ නැතිනම් කුමක් කල යුතුද?

දැනට ඩෙංගු මර්දනය සඳහා භාවිතා වන අරමුණු, ඉලක්ක කණ්ඩායම්, හා ප්‍රධාන සන්නිවේදන පණිවිඩ පහත දක්වා ඇත.

සන්නිවේදන අරමුණු හා ඉලක්ක කණ්ඩායම්

  • ගෘහනියන් ඉලක්ක කර ගනිමින් සතියකට වරක් නිවෙස් හා පරිශ්‍ර පිරිසිදු කිරීම මගින් සෞ වෛ නි කොට්ටාශයේ 80 – 90% පමණ පරිශ්‍ර ආවරණය කිරීම
  • සැම සඳුදා හා බ්‍රහස්පතින්දා දිනකම පාසල් තුල මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම/විනාශ කිරීම සඳහා විදුහල් පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමෙන් 80% - 90% පාසල් වල මදුරුවන් බෝ නොවෙන පරිදි පවත්වා ගෙන යාම
  • සැම රජයේ ආයතනයකම “ඩෙංගු මර්දන කමිටු” ස්ථාපිත කර සතියකට වරක් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට/ විනාශ කිරීමට කටයුතු කිරීම
  • දින 2 කට වඩා උණ පවතින අවස්ථාවන් වල සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව පෙළඹ වීම

ප්රධාන පණිවිඩ

  1. සැම ඉරිදා දිනකම මිනි 30 ක් තමන්ගේ නිවස හා වටපිටාව තුල මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඉවත් කරන්න /විනාශ කරන්න
  2. සැම සිකුරාදා දිනකම මිනි 30 ක් ඔබගේ පාසල් පරිශ්‍රය තුල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කොට ඉවත් කරන්න / විනාශ කරන්න
  3. දින දෙකකට වඩා උණ පවතින විට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගන්න
  4. උණ සමනය කිරීම සදහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගන්න. අනෙකුත් වේදනානාශක ගැනීමෙන් වැලකි සිටින්න
  5. ඉඳිකිරීම් පරිශ්‍ර වල මදුරුවන් බෝවන ස්ථාන නිරතුරුව පරීක්ෂා කරන්න